හෙටත් විදුලිය කැපීම සම්බන්ධයෙන් දැනුම්දීමක්.. සිදුවූ වෙනස...

srilanka Power cut
By Sithumi Mar 10, 2022 01:18 PM GMT
Sithumi

Sithumi

Report

මහජන උපයෝගීතා කොමිසම විසින් හෙට (11) දිනයේදී විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව දිවයින පුරා කාණ්ඩ අනුව බෙදූ කලාපවලට විදුලි කප්පාදුව සිදුවෙනු ඇති.

මෙම කාණ්ඩ අනුව PQRSTUVW යන කලාප සඳහා පැයක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනවා. ඒ පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා කාලය තුළ දී යි

. එමෙන්ම ABCDEFGHIJKL යන කලාපවල පැය 03 - විනාඩි 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුවෙනවා. ඒ උදෑසන 08 සිට සවස 06 දක්වා පැය දෙකහමාරක් වශයෙන් සහ සවස 06 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ පැය 01යි විනාඩි 15ක් වශයෙනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now