ප්‍රදේශ රැසකට විදුලිය බිද වැටේ

Covid sri lanka power cut
By Sithumi May 26, 2021 11:45 AM GMT
Sithumi

Sithumi

Report

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය ඇණ හිට තිබේ. විදුලිබල අමාත්‍යාංශය පැවසුවේ විදුලි රැහැන් මතට ගස් කඩාවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බවය.

මේ හේතුවෙන් දඹුල්ල, කුරුණෑගල‍, කෑගල්ල, කුලියාපිටිය, රත්නපුර, ඉංගිරිය සහ බලංගොඩ යන ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින් 76,000 ක් පමණ පීඩාවට පත්ව සිටී.

විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර පවතින වර්ෂාව සහ සුළං තත්ත්වයන් හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ල වී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now