කල් දැමුණු වර්ජනය.
Sri Lanka
Strike Sri Lanka
By Hashini
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (25 වැනිදා) ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ පැය හතළිස් අටක වර්ජනය සති දෙකකින් කල් දැමීමට තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ ඊයේ (24 වැනිදා) තීරණය කර තිබෙනවා.
ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර එම ඉල්ලීම් ඉටු කිරීම සඳහා යම් කාලයක් ලබාදෙන ලෙසට කළ ඉල්ලීම සලකා බලා මෙම තීරණය ගත් බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ පවසනවා.
එම ඒකාබද්ධ පෙරමුණේ ප්‍රධාන ලේකම් සම්පත් සී. ලියනගේ පැවසුවේ ඉදිරි දෙසතියේ දී ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් කිසිදු දැනුම්දීමකින් තොරව වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවයි.
එම ඒකාබද්ධ පෙරමුණ රුපියල් විසි දසක ජීවන වියදම් දීමනාවක් ලබාගැනීම, පවතින පුරප්පාඩු වහාම පිරවීමට පියවර ගැනීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.
