ආලෝකය සොයන දරුවෝ (VIDEO)

education Hambanthota Suriyawewa Viharagala electricty
By Sewvandhi Jun 24, 2021 08:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අධ්‍යාපනය යනු දරුවෙකුට දිය හැකි විශාලතම දායාදයයි. එහෙත් ඊට නිසි පහසුකම් නොමැති පවුලක් පිළිබඳව අපට වාර්තා වුණේ හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයෙන්. හම්බන්තොට, සූරියවැව, විහාරගල ප්‍රදේශයේ පාසල් වයසේ දරුවන් පස් දෙනෙකුගෙන් යුත් මේ පවුල ජීවත් වන්නේ බොහෝ ආර්ථික දුෂ්කරතා මාධ්‍යයේයි.

පවුලේ දරුවන් දෙදෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයටත්, ශිෂ්‍යත්ව විභාගයටත් සූදානම් වනවා. කෙසේ වෙතත්, මෙම දරුවන්ට ඉගෙනීම් කටයුතු කිරීම සඳහා ඇති ප්‍රධාන බාධාවක් වන්නේ නිවසට විදුලිය බලය නොලැබීමයි. ප්‍රදේශයේ සෙසු නිවාසවලට විදුලිය බලය ලැබී තිබුණද, මෙම නිවසට පැමිණෙන මාර්ගයේ ඇති ගස් කිහිපයක් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් හේතුවෙන් මේ දක්වා මෙම නිවසට විදුලිය බලය ලබා දී නැහැ.

ඒ, විදුලි බලය ලබාගැනීම සඳහා විදුලි බල මණ්ඩලයට මුදල්ද ගෙවා ඇති පසුබිමකයි. මෙම පවුලේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් තරුණ සංගමයක සහයෝගය ඇතිව නිවසට විදුලි රැහැන්ද ඇද තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ දැඩි දුෂ්කරතාවට පත්ව සිටින්නේ හෙට ලොව දකින්නට පෙර මග බලා සිටින මෙම දරුවන්. පාසල්ද නොපැවැත්වෙන මේ දිනවල මෙම දරුවන්ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය ලැබීමට හෝ පහසුකම් නැහැ.

සෑම නිවසකටම විදුලිය ලබාදීම රජයේ ප්‍රතිපත්තිය වී ඇති පසුබිමක, මෙම නිවසට විදුලිය ලබාදිම සඳහා කිසියම් හෝ බාධාවක් ඇත්නම් ඊට පිළියම් යොදා මේ දරුවන්ගේ හෙට දවස ආලෝකමත් කිරීම බලධාරීන් සතු වගකීමක් නොවන්නේද ?  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha