මවට පහරදුන් බේබදු පුතා පොලීසියටත් ගහන්න එයි.. පොලීසියෙන් වෙඩි තබයි..

jaffna drunk kopaai
By Sewvandhi Sep 29, 2021 01:59 PM GMT
Sewvandhi

Sewvandhi

Report

යාපනය කෝපායි පොලිස් වසමේ පවුල් ආරවුලක් විසඳීමට ගිය පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහරදීම උත්සහ ගත් පුද්ගලයෙකු පාලනය කිරීම සඳහා වෙඩිප්‍රහාරයක්ද එල්ලකොට එම පුද්ගලයා ඊයේ (28) දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.

කෝපාලිය කොණ්ඩාවිල් ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු විසින් නිවැසියන්ට තියුණු ආයුධයකින් පහරදීමට උත්සහ ගන්නා බවට කෝපායි පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීධාරීන් විසින් බීමතින් නොසන්සුන්කාරීව හැසිරුනු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සහ දරන අවස්ථාවේදී එම පුද්ගලයා විසින් පොලිස් නිලධාරීන්ටද තියුණු ආයුධයෙන් පහරදීමට උත්සහ ගෙන ඇත.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා පාලනය කිරීම සඳහා පොලවට වෙඩිප්‍රහාරයක් එල්ල කොට වෙිඩිතබන බවට බියවද්දා අදාල පුද්ගලයා පාලනය කොට අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සිදුකරන ලද පරික්ෂණවලදී හෙලි වී ඇත්තේ සිය පුතා විසින් බීමතින් මවට ඇතුලු පවුලේ ඥාතීන්ට මෙලෙස තියුණු ආයුදයකින් පහර දීමට උත්සහ දරා ඇති බවටත් අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට පයවර ගෙන ඇති බවටත් පරික්ෂණ සිදුකරන කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha