යතුරුපැදිකරුවෙකුරුට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක්..
රඹුක්කන පොලිස් බලප්‍රදේශයට අයත් බෝලගම, කොටගම හන්දියේ දී රඹුක්කන පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් විසින් යොදා තිබූ මාර්ග බාධකය අසල දී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
වෙඩිතැබීමෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයාගේ වම් අතට සහ වම් පාදයට තුවාල සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා. එලෙස තුවාල ලබා ඇත්තේ හිරිවඩුන්න, රඹුක්කන ලිපිනයේ පදිංචි පුද්ගලයෙක්.
අද (14) අලුයම 3.15ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර තුවාලකරු ප්‍රතිකාර සඳහා කෑගල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර පසුගියදා, ගාල්ල කරාපිටිය රෝහල අසල රැඳී සිටි දෙදෙනකු පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ පොලිසිය සමග ගැටුමක් ඇති කර ගත් පුද්ගලයකු පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් තරුණයකු තුවාල ලැබුවා.
වෙඩි වැදිමෙන් තුවාල ලැබුවේ, අක්මීමණ වංචාවල මීගොඩ පදිංචිකරුවකු වන 21 හැවිරිදි තරුණයෙක්.
අක්මිමණ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනෙකු එදින රාත්‍රි 11.30ට පමණ පොලිස් යතුරු පැදියෙන් දක්ෂිණ අධිවේගි පිවිසුම් මාරගයේ නුගදුව සිට අක්මීමණ දෙසට ගමන් කරමින් සිටියදි ස්කුටි වරගයේ යතුරු පැදිකින් පැමිණ දෙදෙනෙකු මාර්ගයේ නතරකරගෙන සිටියදි පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ ඇත.
එවිට යතුරු පැදිය පණ ගන්වා පලා යාමට උත්සාහ කල අවස්ථාවේ පොලිස් නිලධාරින් යතුරු පැදිය නතර කිරීමට සුදානම්වු විට යතුරු පැදියේ පසු පැදිකරු පොලිස් නිලධාරින් සමගපොර බැදිමක් සිදුව ඇති බවත්, එම අවස්ථාවේ තුවාල ලබා ඇති පුද්ගලයා යමක් අතට ගෙන පොලිස් නිලධාරින් දෙසට වීසි කිරිමට උත්සාහ කර ඇති බවත් ඒ සමගම පොලිස් නිලධාරියෙකු රාජකාරි පැති අවියෙන් වෙඩි තැබිම සිදුකර ඇති බවත් පොලිසිය පැවසුවා.
එම අවස්ථාවේ යතුරු පැදි පදවාගෙන පැමිණ ඇති වංචාවල මීගොඩ පදිංචි 18හැවිරිදි තරුණයා ද පොලිසිය විසින් අත් අඩංගුවට ගැනුණා.
පසුව තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුලත් කළ අතර රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ ඔහුගේ වම් හක්කට වැදි ඇති උණ්ඩයක් දකුණු හක්කෙන් පිටව ගොස් ඇති බවයි.