ගසක අත්තක් නිසා පොලිස් සැරයන්ව‍රයෙක් ජීවිතක්ෂයට

Report

යූ කැලිප්ටිස් ගසක අත්තක් කඩා වැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු මිය ගොස් ඇති බව නුවරඑලිය හයිෆොරස්ට් පොලිසියේ නිළධාරියෙකු ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හගුරන්කෙත පොලිසියේ සේවය කරමින් සිටියදි තාවකාලිකව වැඩ තහනමකට ලක් වී සිටි පොලිස් සැරයන් ප්‍රදීප් කුමාර වීක්‍රමසිංහ (10420) නැමත්තෙක්.

ඔහු 55 හැවිරිදි රිකිල්ලගස්කඩ ගැටගුලාව ප්‍රදේශයේ පදිංචි දරුවන් තිදෙනෙකුගේ පියෙක් වේ.

අඳාළ පුද්ගලයා පොලිසියේ වැඩ තහනමට ලක් වීමෙන් අනතුරුව සිය සහෝදරයන් සමග නීතියානුකූලව යූකැලිප්ටිස් ගස් කැපීමේ කටයුත්තක නියැලී ඇත.

අනාරක්ෂිත ළිඳට වැටුණු තරුණයා අසීරුවෙන් ගොඩ ගත්තත් ඒ වන විටත් මිය ගිහින්

අනාරක්ෂිත ළිඳට වැටුණු තරුණයා අසීරුවෙන් ගොඩ ගත්තත් ඒ වන විටත් මිය ගිහින්

එහිදී කැපූ විශාල යූ කැලිප්ටිස් ගසක් තවත් ගසක රැදී තිබූ බවත්, කැපූ ගස බිමට නොවිටීම සම්බන්ධයෙන් සොයා බැලීමට සැරයන්වරයා යන විට කැපූ ගස රැදී තිබූ තවත් යූ කැලිප්ටිස් ගසක අත්තක් සැරයනවරයාගේ හිස මතට කඩා වැටී තිබෙනවා.

එහිදී බරපතළ වශයෙන් තුවාල ලැබූ සැරයන්වරයා රිකිල්ලගස්කඩ මූලික රෝහල වෙත ඇතුලත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බව හයිෆොරස්ට් පොලිසියේ නිලධාරියෙක් ප්‍රකාශ කළා.

මේ වන විට මිය ගිය සැරයන්වරයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂනය සදහා රිකිල්ලගස්කඩ මූලික රෝහලේ තැම්පත් කර තිබෙනවා.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් හයිෆොරස්ට් පොලිසිය පරික්ෂණ පවත්වන බව පවසයි.

WhatsApp ගැන භයානක අනතුරු ඇඟවීමක්

WhatsApp ගැන භයානක අනතුරු ඇඟවීමක්

සුනාමියක් එන්න කලින් ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීම මෙන්න

සුනාමියක් එන්න කලින් ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීම මෙන්න