BYD වාහන ඉල්ලා සමාගම වටලයි - මුළු රටේම ජනතාව එක් වෙයි
BYD මෝටර් රථ වෙනුවෙන් මුදල් අත්තිකාරම් ගෙවන ලද පාරිභෝගිකයන් පිරිසක් අද(04) දින එම වාහන ප්රදර්ශනාගාරයේ ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූ බව වාර්තා වුණා.
ඒ අනුව ඔවුන් කියා සිටියේ මුදල් ලබා දුන්නද මේ වනතෙක් තමන් විසින් මුදල් බඳින ලද වාහන ලබාදී නැති බවයි.
එසේම මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුවත් ඒවා සාර්ථකත්වයෙන් තොර බවද ඔවුන් චෝදනා කරයි.
කෙසේ වුවත් පසුගිය දිනවල BYD මෝටර් රථ සම්බන්ධයෙන් විවිධ පුවත් පළ වූ අතර පාරිභෝගිකයන් ඒ සම්බන්ධයෙන්ද බියකින් පසු වන බව සඳහන්.