බඩෝවිට අසංක හා ලැටාගෙන් නගර සභාවේ සේවකයාගේ ඝාතන කොන්ත්‍රාත්තුව ගත් දෙදෙනෙකු අත්අඩංගුවට ...

By Piyumika Nov 19, 2024 05:13 AM GMT
Report

දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සේවකයෙකු ව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව ගුවන් හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 20 වන දින දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අනුර කොස්තා නම් 46 හැවිරිදි අයෙකි. සැකකරුවන් සමග වෙඩි තැබීමට යොදාගත් විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක්, පතරොම් හයක් මෙන්ම සැකකරුවන් වෙඩි තැබීමට පැමිණි යතුරුපැදියද කොටස් කර තිබියදී පොලීසිය සොයාගෙන තිබේ.

පාසල් සිසුවෙකුගේ අපරික්ෂාකාරී බව නිසා ජිවිත ගනනාවක් අනතුරට..(PHOTO)

පාසල් සිසුවෙකුගේ අපරික්ෂාකාරී බව නිසා ජිවිත ගනනාවක් අනතුරට..(PHOTO)

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (18) දා හෝමාගම පනාගොඩ යුධ හමුදා කඳවුර ආසන්නයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ඔහු සතු ගමන් මල්ලක තිබී ඝාතනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන ගිනිඅවිය සහ පතරොම් හයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඒ අනුව සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ඝාතනය සඳහා එම සැකකරු සමග යතුරුපැදියෙන් පැමිණි අනෙක් පුද්ගලයා අතුරුගිරිය මොරටුවාහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී එම යතුරුපැදිය කොටස් කීපයකට ගලවා පාදුක්ක ප්‍රදේශයේ පිහිටි ගුවන් හමුදා සෙබලා පදිංචි කුලී නිවාසයේ සඟවා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අගමැති පත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කරයි..

අගමැති පත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කරයි..

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බඩෝවිට අසංක නැමැත්තා සහ අසන්ත කුමාර නොහොත් ලැටා යන පුද්ගලයන් විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් ගුවන් හමුදා සෙබලා හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අනෙක් සැකකරු අතුරුගිරිය පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.