රාත්‍රී මුර සංචාරයේ ගිය පොලිස් නිලධාරින් ඡන්ද අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගනි
By Hashini
මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක අඹගමුව ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු බීමත්ව ත්‍රීරෝද රථය ධාවනයට සැකපිට ගිනිගත්හේන පොලිසිය විසින් පෙරේදා (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගිනිගත්හේන පොලිසිය විසින් සැකකරුට එරෙහිව ඊයේ (23) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගෙන තිබෙනවා.
සැකකරු (23) දින මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් නොවී නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණය වෙත කරුණු වාර්ථා කිරීම හේතුවෙන් යලිත් එම නඩුව ජූනි මස 02 දිනට කැදවීමට හැටන් දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් එම්. ෆරුක්ඩීන් මහතා නියෝග කළේය.