වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකුට නොසිතූ ඉරණමක්..!

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By Sewvandhi Jan 26, 2025 11:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (26) දහවල් මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයට ඉහළින් පිහිටි ඝණ කැලෑවක ඇති නීතිවිරෝධී කසිප්පු තිත්පලක් වැටලීම සඳහා එහි ගිය පොලිස් නිලධාරියෙකු සතෙකුට අටවන ලද තුවක්කුවක් පත්තු වී තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පොලීසිය පවසන්නේ, බරපතළ තුවාල ලැබූ එම පොලිස් නිලධාරියා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බදුල්ල ශික්ෂණ රෝහලටත් මාරුකර යැවූ බවයි.

කන්දකැටිය පොලීසියට අනියුක්ත නිලධාරි පිරිසක් මෙම වැටලීම සිදුකර ඇති අතර, එහි සිටි නිලධාරියෙකු මෙම අනතුරට මුහුණ පා ඇත.

කන්දකැටිය පොලීසියට අනුයුක්තව සේවයේ නියුතු 36 හැවිරිදි ‍පොලිස් නිලධාරියෙක්, සිද්ධියෙන් තුවාල ලබා ඇත.

වැටලීම සඳහා එහි ගිය නිලධාරී පිරිසට කැලෑව තුළින් වෙඩි හඬක් ඇසීමත් සමග දුරකතන ඇමතුමක් ලබාදී පරීක්ෂා කිරීමේදී මෙම නිලධාරියාට වෙඩි වැදී ඇති බව දැනගෙන ඇත.

ඒ අනුව වහාම එහි පැමිණි සෙසු නිලධාරීන් බරපතළ තත්වයේ සිටි පොලිස් නිලධාරියා බෑවුම් සහිත ඝණ කැලෑව මැදින් කිලෝමීටර් දෙකක පමණ දුරක් ප්‍රධාන මාර්ගයක් වෙත රැගෙන විත්, පසුව 1990 ගිලන්රථයක් මගින් මීගහකිවුල රෝහලට රැගෙන ගොස් ඇත.

වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියාගේ උදරය හා කොන්ද ප්‍රදේශයට බරපතළ තුවාල සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර කරයි.

…………………………………………………………………………

You may like this video 👇



ReeCha