දෙවියනේ මක්කම වන්දනාවේ ගිය බස් රථයක් පෙරළී 42ක් මරුට
By Mithu
දරුණු අනතුරක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වේ.
ඒ අනුව සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉන්දීය පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 42දෙනෙකු මිය ගොස් තිබෙන බවට වාර්තා වේ.
අදාළ බස් රථය ඉන්ධන ප්‍රවාහන බවුසරයක ගැටී, ගිනි ගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. එම මොහොතේ දී බස් රථයේ සිටි පිරිසට පිටතට පැමිණීමට නොහැකි වී ඇති අතර ඉන් දිවි ගලවාගෙන ඇත්තේ එක් පුද්ගලයෙකු පමණක් බව වාර්තා වේ.
මියගිය පිරිස අතර වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සහ දරුවන් වන අතර ඔවුන්ගේ මෘත දේහයන් හඳුනා ගැනීමට නොහැකි වන පරිදි පිලිස්සී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම පිරිස ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ සිට මක්කම වන්දනාවට පැමිණි පිරිසක් බවද සඳහන් වේ.