අම්බලන්ගොඩ දැවැන්ත උද්ඝෝෂණයක්
අම්බලන්ගොඩ ධීවර මෝය කට ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණ.
ඒ හැඹිලි දැල් තහනම වහාම ඉවත් කරන ලෙස ඉල්ලමින් ය. අද(17)උදේ ගාලු පාරේ පැවති මේ උද්ඝෝණය සඳහා අම්බලන්ගොඩ,බලපිටිය සහ ඒ අවට ධීවරයින් සහ ඔවුනගේ පවුල්වල සිය ගණනක් සහභාගීව වු බව වාර්තා වේ.
හැඹිලි දැල් කර්මාන්තය මගින් මසුන් වදවී යාම යන කරුණ මත එය තහනම් වූව ද හැඹිලි දැල් කර්මාන්තය මහ මුහුදේ මසුන් වදවී යාමට කිසිසේත්ම බල නොපාන බව තමන් වගකීමෙන් කියන බවද උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස් සඳහන් කරයි.
මේ තහනම නිසා පාරිභෝගිකයින්ට අඩුවට මාලු පාරිභෝජනයට අවස්ථාවක් නොලැබී යන බවද ඔවුහු කියති. මේ වෙනුවෙන් ඔවුන් නිසි පිළිතුරක් බලාපොරොත්තු වේ.