මෙන්න ශිෂ්‍ය ණයක් ගන්න බලා සිටි ඔබට සුබ ආරංචියක්
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සිසුන් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවා ඇති බවයි .
ඒ අනුව 2022, 2023 හා 2024 වසරවල අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ට මේ සඳහා අයැදුම් කිරීමට හැකියාව ඇත.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රජයේ පිළිගත් උපාධි ප්‍රදානය කරන ආයතන 18ක් මගින් පිරිනැමෙන උපාධි පාඨමාලා 131ක් සඳහා අයැදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
ඒ සඳහා වන අයැදුම්පත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
මෙම අයැදුම්පත් භාරගැනීම නොවැම්බර් 30 වැනිදායින් අවසන් වේ.