'ගෝඨා ගෝ ගම' අරගලයට පහරදුන් සැකකරුවන් 31ක් හඳුනාගනියි

By Shehan Nov 04, 2025 04:32 PM GMT
Report

2022 මැයි මාසයේ ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඔවුන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට සූදානම් බවත් නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

අරගලකරුවන් විසින් පොලිසිය වගකීම් අභියෝග කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 05ක විභාගය අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මඩුල්ල ඉදිරියේ සිදුවිය.

රජයට ලාභය සිදු වූ විට ස්තූති කරන්නේ නෑ - පාඩු වෙද්දී දඬුවමනම් දෙනවා - රත්වත්තේ වෙනුවෙන් එජාප කට අරී

රජයට ලාභය සිදු වූ විට ස්තූති කරන්නේ නෑ - පාඩු වෙද්දී දඬුවමනම් දෙනවා - රත්වත්තේ වෙනුවෙන් එජාප කට අරී

නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවූ පසු විමර්ශන ඉදිරියට ගෙන යෑමට හැකි වූ බවත්, එහිදී සැකකරුවන් 31ක් හඳුනාගත් බවත් පැවසීය.

එම සැකකරුවන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකුද ඇතුළත් වන අතර, අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ගොනු කෙරන බව බණ්ඩාර මහතා සඳහන් කළේය.

තෙල් මිලට මොකද වෙන්නේ? තෙල් සංස්ථාවේ ආදායම පහළට

තෙල් මිලට මොකද වෙන්නේ? තෙල් සංස්ථාවේ ආදායම පහළට

පෙත්සම්කාරයන් පොලිස් අකර්මණ්‍යතාව චෝදනා කළ අතර, රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේ සිද්ධියේදී පොලිස් නිලධාරීන් සහ ජල ප්‍රහාරක රථ සිටි නමුත් නිසි ලෙස භාවිත නොකළ බවයි. එබැවින් එවක භූමියේ ජ්‍යෙෂ්ඨම නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට එරෙහිවද චෝදනා ගොනු වන බව ඔහු තවදුරටත් පැවසීය.

තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්‍රම මහතා, අපරාධ නඩු අවසන් වන තුරු මෙම පෙත්සම් විභාගය නැවැත්වීම යෝජනා කළේය.

ෂෙන්ගන් වීසා අයදුම්පත් දැන් අලුත්ම ක්‍රමය යටතට

ෂෙන්ගන් වීසා අයදුම්පත් දැන් අලුත්ම ක්‍රමය යටතට

පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නඩු නැති නිසා ඔවුන්ට එරෙහි පෙත්සම් ඉවත් කිරීමට පාර්ශ්වයන් එකඟ වූහ.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් නම් කර තිබේ.