තෙල් මිලට මොකද වෙන්නේ? තෙල් සංස්ථාවේ ආදායම පහළට

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශුද්ධ ලාභය මෙම වසරේ පළමු මාස හයේදී පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව සියයට 179 කින් රුපියල් කෝටි 1700 දක්වා පහත වැටී තිබේ.

මුදල් අමාත්‍යංශය නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ පසුගිය වසරේ පළමු මාස හයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශුද්ධ ලාභය රුපියල් කෝටි 2070 ක් බවය.

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඛනිජ තෙල් සහ බොරතෙල් නිෂ්පාදනයන්හි ආනයනික පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.235 සිට 1,040 දක්වා පහළ ගොස් ඇති බවත් එම පහත වැටීමට මූලික වශයෙන් ගෝලීය වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ වැටීම සහ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාම හේතු වී තිබෙන බවත් එම වාර්තා සදහන් වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ දී රුපියල් කෝටි 46,770 ක් වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විකුණුම් පිරිවැය මෙම වසරේ පළමු මාස හයේදී රුපියල් කෝටි 37,790 දක්වා සියයට 19.2 කින් පහළ ගොස් ඇති අතර පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස භයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරිවැටුම රුපියල් කෝටි 43.950 දක්වා සියයට 19.3 ක කැපී පෙනෙන පහළ යාමක් පෙන්නුම් කර තිබේ.

වාහන පදින ඔයාලා වෙනුවෙන්ම රජයෙන් සුපිරි වැඩක් ආයේ බයවෙන්න දෙයක් නෑ

වාහන පදින ඔයාලා වෙනුවෙන්ම රජයෙන් සුපිරි වැඩක් ආයේ බයවෙන්න දෙයක් නෑ

මෙම ප්‍රවණතාව මෙම වසරේ පළමු මාස හයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගතසංස්ථාවේ ලාභය පහළ යාමට හේතු වී තිබේ.