දිඹුලාගලේ ග්‍රාමීය සංවර්ධනයට රු. ලක්ෂ 96ක්

Report

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශයේ 2025 ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 96ක මුදලක් වෙන්කරමින් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රතිලාභීන් 55 දෙනෙකුට ප්‍රධාන පත්‍ර බෙදහැරීම අද (04) පහළ ඇල්ලේවැව ප්‍රදේශයේදී සිදුකෙරිණි.

මෙම වැඩසටහන යටතේ:

  • 215 - පහළ ඇල්ලේවැව ග්‍රාම නිලධාරී වසම: ඇල්ලේ වැව ආශ්‍රිත ධිවර හා සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ ව්‍යාපෘතිය.
  • 225 - දමනේවැව ග්‍රාම නිලධාරී වසම: 405/D3/ බෙදුම් ඇල ගොවි සංවිධානය සඳහා බිත්තර වී නිෂ්පාදන ව්‍යාපෘතිය.

රජයට ලාභය සිදු වූ විට ස්තූති කරන්නේ නෑ - පාඩු වෙද්දී දඬුවමනම් දෙනවා - රත්වත්තේ වෙනුවෙන් එජාප කට අරී

රජයට ලාභය සිදු වූ විට ස්තූති කරන්නේ නෑ - පාඩු වෙද්දී දඬුවමනම් දෙනවා - රත්වත්තේ වෙනුවෙන් එජාප කට අරී

අස්වැසුම හා සමෘද්ධිලාභී සවිබලගැන්වීම් 2025 ජාතික වැඩසටහන යටතේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති හා වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා රු. 725,000ක් වෙන්කරමින් ප්‍රතිලාභීන් 13 දෙනෙකුට සහතික පත්‍රද මෙහිදී ප්‍රධානය කෙරිණි.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි, දිඹුලාගල ප්‍රාදේශීය සභා සභාපති ගයාන් චතුරංග, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් එම්.එම්. හෛරුන්නිශා, ඇතුළු ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගි වූහ.

ෂෙන්ගන් වීසා අයදුම්පත් දැන් අලුත්ම ක්‍රමය යටතට

ෂෙන්ගන් වීසා අයදුම්පත් දැන් අලුත්ම ක්‍රමය යටතට