චීනයේ අලුත් ‘ගුවන් නැන්දලා’ හින්දා චීනයම කැළඹේ
By Shehan
චීනයේ ස්ප්‍රින්ග් එයාර්ලයින්ස් ගුවන් සමාගම විසින් විවාහක කාන්තාවන් සහ මව්වරුන් ‘ගුවන් නැන්දලා’ (Air Aunties) ලෙස බඳවා ගැනීමේ නව සැලසුමක් නිවේදනය කිරීමත් සමඟ අන්තර්ජාලය හරහා දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
විරෝධයේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ එම ‘ගුවන් නැන්දලා’ යන නමමය.
ෂැංහයි පදනම් කරගත් මෙම අඩු වියදම් ගුවන් සේවය පැවසුවේ, මෙම පියවරෙන් ජීවිත අත්දැකීම් සහ සංවේදනය ඇති කාන්තාවන්ට වැඩි රැකියා අවස්ථා ලබාදීම බවයි. ඔවුන්ගේ රාජකාරි සහ වැටුප් අනෙකුත් ගුවන් සේවිකාවන්ට සමාන බවත් සමාගම අවධාරණය කරයි.
ඒ අනුව, විවාහක හෝ දරුවන් සිටින වයස අවුරුදු 25 සිට 40 දක්වා අයැදුම්කාරිනියන් මෙහිදී සලකා බලනු ලැබේ.
කෙසේවෙතත්, 1990 ගණන්වල සිට පැවත එන ‘ගුවන් නැන්දලා’ යන යෙදුම අගෞරවනීය යෙදුමක් ලෙස මෙහිදී චෝදනා එල්ලවී ඇත.