යුක්තියේ මෙහෙයුමට හසු වූ පොලිස් කොස්තාපල්.

Sri Lanka Police Drugs
By Wayomi Jan 11, 2024 10:20 AM GMT
Wayomi

Wayomi

Report

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ (10) ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ දූෂණ මර්දන ඒකකය මඟින් ආරම්භ කළ යුක්තිය මෙහෙයුම අතරතුර දීයි.

එහිදී කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් කොස්තාපල් වරයෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමඟ අත්අඩංගුවට ගැනුණු අතර ඔහු 2021 වසරේ සැප්තැම්බර් මස පොලිස් සේවයට බැඳී මුලික පුහුණුව හදාරා මෙම පොලිස් ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු නිවාඩු ලබා පිටව ගොස් සිට ඇති අතර, පසුව අසනීප බව දන්වා සේවයට වාර්තා නොකර සිටිය දී මෙලෙස පොලිස් අත්අඩංගුවට ගැනුණා.


                                                            Sponsored By Sarrita Jewellery


යුක්තියේ මෙහෙයුමට හසු වූ පොලිස් කොස්තාපල්. | Police Constable Caught In The Mission Of Justice

ReeCha