පුනර්ජනනීය බලශක්ති අභියෝග හඳුනා ගැනීමට මහජන අදහස් විමසීම අද

Report

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින් මුහුණ දෙන අභියෝග හඳුනා ගැනීම සඳහා මහජන උපදේශනයක් අද (ජූලි 02) පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (PUCSL) පවසයි.

මෙම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් හා යෝජනා වාචිකව ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

විමල් අත්අඩංගුවට ගැනීමට සූදානමක් - අල්ලස් කොමිසම ක්‍රියාත්මක වෙයි

විමල් අත්අඩංගුවට ගැනීමට සූදානමක් - අල්ලස් කොමිසම ක්‍රියාත්මක වෙයි

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ පැවරී ඇති බලතල අනුව මෙම උපදේශනය පැවැත්වෙන බව කොමිසම සඳහන් කරයි.

මේ අතර, සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ, මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් බොහෝ පාර්ශවකරුවන් මෙම උපදේශනයේදී කරුණු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවයි.

ආර්ථිකය ශක්තිමත් කරන්න අපි කියලා දෙන්නම් අපෙනුත් උදව් ගන්න - රවී කරුණානායක

ආර්ථිකය ශක්තිමත් කරන්න අපි කියලා දෙන්නම් අපෙනුත් උදව් ගන්න - රවී කරුණානායක

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත.

පාසල් ළමයින්ට ශිෂ්‍යත්ව - අයදුම්පත්‍ර මෙතනින්

පාසල් ළමයින්ට ශිෂ්‍යත්ව - අයදුම්පත්‍ර මෙතනින්