අවුරුදු 16 තරුණියකට වෙඩි වැදුණු සිද්ධියේ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Report

කොහුවල බෝධියත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පසුගිය 30 වන දින රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩිතැබීමකින් 16 හැවිරිදි තරුණියකට තුවාල සිදුකිරීමේ අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය හා මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකාය විමර්ශන ආරම්භ කර තිබුණා.

එහිදී මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) දින දෙමටගොඩ හා වැල්ලම්පිටිය පොලිස් වසම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

අඳාළ සැකකරුවන් අවුරුදු 27, 32 හා 35 යන වයස්වල පසුවන කොළඹ 09 හා කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මේ පිළිබඳව සිදුකළ විමර්ශනවලදී එම අපරාධය සිදුකිරීමට පැමිණි යතුරුපැදිය අපරාධකරුවන් වෙත ලබාදී ආධාර අනුබල දුන් 32 හැවිරිදි සැකකරවෙකු ඉකුත් 6 වනදා බඩෝවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමත් විය.

එමෙන්ම ජනවාරි 3 වන දින දෙහිවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේදී සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම අපරාධයට අදාළ යතුරුපැදියේ පැදිකරු, ගිනිඅවිය භාරව කටයුතු කළ සැකකරු, ගිනි අවි ප්‍රවාහනය කළ සැකකරු හා අපරාධකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් සැකකරු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් වූ අතර ඔවුන් 25, 28, 33 හා 45 වයස්වල පසුවන්නන්.

මහනුවර දිස්ත්‍රික්කය ගැන භයානක හෙළිදරව්වක්

මහනුවර දිස්ත්‍රික්කය ගැන භයානක හෙළිදරව්වක්

අසභ්‍ය ඡායාරූප නිපදවීම ගැන X සමාජ මාධ්‍යයෙන් නිවේදනයක්

අසභ්‍ය ඡායාරූප නිපදවීම ගැන X සමාජ මාධ්‍යයෙන් නිවේදනයක්