බන්දුලගෙන් පොලිසියට පැමිණිල්ලක්
සතොස ආයතනයේ සිදුව ඇති වංචා සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටියදී අමාත්‍යවරුන් විසින් බලපෑම් කළ බවට පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු විසින් කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (23) දින පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා කර ඇති ප්‍රකාශය අසත්‍යයක් බැවින් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් සිදුකරන මෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි බන්දුල ගුණවර්ධන අද මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කලේ. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි අමාත්‍යවරයා කියා
මේ අතර, අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ නිරෝධායන රීති කඩකරමින් යාපනය ප්‍රදේශයේ දී තිලීපන් නමැති LTTE සාමාජිකයා වෙනුවෙන් සැමරුම් උත්සවයක් සංවිධානය කිරීමේ චෝදනාවක් යටතේය.
ඔහු එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සමග බහිස්බස්වීමක් ඇති කරගෙන තිබූ බවද වාර්තා වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
