මාධ්‍යවේදියෙකුට පොලීසියෙන් ප්‍රහාරයක්(VIDEO)

journalist gampaha seeduva buttala liyanagemulla
By Sewvandhi Jun 09, 2021 10:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරතව සිටි හිරු ප්‍රවෘත්ති ප්‍රාදේශිය වාර්තාකරුට පොලිස් සැරයන්වරයෙක් බාධා කර තිබෙනවා.

වාර්තාකරු එහි ගොස් තිබුණේ අනවසරයෙන් ප්‍රවාහනය කළ දර තොගයක් වන සංරක්ෂණ නිලධාරීන් භාරයට ගැනීමක් සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තියක් ආවරණය කිරීමටයි. සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟලුම් කර්මාන්තශාලාවක බොයිලේරු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දර තොගයක් ඊයේ මිලදී ගෙන තිබුණේ බුත්තල ප්‍රදේශයේ සිට රැගෙන ආ ලොරියකින්.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ගම්පහ දිසා වන සංරක්ෂණ ඒකකයේ නිලධාරීන් කර්මාන්තශාලා පරිශ්‍රයට පැමිණ තිබුණා. මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ දර තොගය බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කර ඇති බවයි.

සංචරණ සීමා ක්‍රියාත්මක සමයකදී වුවත් බුත්තල සිට සීදුවට පැමිණෙන අතරතුර කිසිදු ස්ථානයකදී මෙම ලොරිය පරික්ෂාවට ලක් නොවීමත් මවිතයට කරුණක්. දර තොගය කර්මාන්තශාලා පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාම සඳහා එහි නිලධාරීන් හා සේවකයන් බාධා කිරීම හේතුවෙන් පොලිසියේ සහය ඉල්ලා සිටීමට වන සංරක්ෂණ ඒකකයේ නිලධාරීන්ට සිදුවුණා.

ඒ අනුව එහි පැමිණි පොලිස් සැරයන්වරයෙක් සහ තවත් පුද්ගලයෙක් සිද්ධිය වාර්තා කිරීමට පැමිණ සිටි වාර්තාකරුට මෙලෙස බාධා කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now