අවුරුදු 13ක පිරිමි දරුවෙක්ට බරපතල ලිංගික අපයෝජන කළ සිව්රු දරාගත් දෙනම..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
සිව්රු දරාගත් දෙදෙනෙක් විසින් වයස අවුරුදු 13ක් වයසැති පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජයක් සිදුකළ පුවතක් පිළිබඳව වාර්තා වේ.
ඒ සම්බන්දයෙන් ඊයේ (27) පස්වරුවේ ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය සඳහන් කළේ ය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නවුත්තුඩුව යටදොල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක් ය.
ඒ ලද පැමිණිල්ලක් මතයි.
අපයෝජනයට ලක් වූ පිරිමි ළමයා රෝහල් ගතකර ඇති අතර සැකකාර දෙනම මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහ සහකාර පොලිස් අධිකාරී චන්ද්‍ර පත්මලාල් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමමාලි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.
