සාමනේර හිමිනමකට කළ බරපතළ ලිංගික අපයෝජනයකට එම විහාරයේම හිමිනමවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට..
අරණායක ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරන 16 හැවිරිදි සාමනේර හිමිනමක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එම විහාරස්ථානයේ වැඩ වාසය කරන 58 හැවිරිදි හිමිනමක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, මෙම සාමණේර හිමි නම බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එම විහාරස්ථානයේම වැඩ වාසය කරන තවත් හිමිනමක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව අරණායක පොලිසිය පවසයි.
අවස්ථා දෙකකදී මෙම සාමනේර හිමිනම බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන සාමණේර හිමි නම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් මත අරණායක පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |