හොර දොස්තරට වැඩ වැරදෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 24, 2023 01:51 AM GMT
krishani

krishani

Report

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි ව්‍යාජ පුද්ගලයෙකුව ගලෙන්බිඳුණුවැව - උපුල්දෙණිය ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලීසියට ලද තොරතුරක් මත ය.

පෙරේදා (22) සවස ඔහුගේ නිවසේ දී ම අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ.

විමර්ශන වලින් හෙළි වී ඇත්තේ, එම පුද්ගලයාට ලියාපදිංචි සහතිකයක් නොමැතිව වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කර ඇති බව ය.

මේ අතර, ඔහුගේ නිවස තුළ නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ඖෂධ තොගයක් ද සොයාගෙන ඇති අතර අදාළ ඖෂධ තොගය, ඖෂධ පරීක්ෂක නිලධාරීන් විසින් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

සැකකරු 35 හැවිරිදි වියේ පසුවන අලිවංගුව, උපුල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මැයි 19 වන දා කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join