මියගිය කතකට පණ දුන්න ග්‍රාම සේවක - හිතන්නවත් නැතුව ඇති මෙහෙම දෙයක් වෙයි කියලා..

Report

මියගිය කාන්තාවක් ජීවත්ව සිටින බවට සඳහන් කරමින් ලියවිල්ලක් නිකුත් කළ ග්‍රාම නිළධාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය කතකට පණ දුන්න ග්‍රාම සේවක - හිතන්නවත් නැතුව ඇති මෙහෙම දෙයක් වෙයි කියලා.. | Police Arrested One Person At Kalutara

කළුතර තේක්කවත්ත ග්‍රාම නිළධාරී වසමේ රාජකාරි කරන වයස අවුරුදු 52ක් වන ග්‍රාම නිළධාරීවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු විසින් වෙනත් වසමක රාජකාරි කරමින් සිටිය දී මියගොස් ඇති කාන්තාවකගේ නමට ඇය ජීවත්ව සිටී බව සදහන් කරමින් මුස්ලිම් දේවස්ථානයක මව්ලවිවරයෙකු අමතා ලිපියක් නිකුත් කර තිබෙනවා.

'දරුවන් දුවගෙනත් ගිහින්..' - අවුරුදු ගාණකින් සැඟවුණු 'සඳමාලිගේ' අබිරහස බතල ශාන්තගෙන් හෙළි වෙලා.. (VIDEO)

'දරුවන් දුවගෙනත් ගිහින්..' - අවුරුදු ගාණකින් සැඟවුණු 'සඳමාලිගේ' අබිරහස බතල ශාන්තගෙන් හෙළි වෙලා.. (VIDEO)


මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ එම ලිපිය යොදා ගනිමින් කාන්තාවක් විසින් වෙනත් පුද්ගලයකුට හිමිකම් ඇති කළුතර ප්‍රදේශයේ ඉඩමක කොටසක් වෙනුවෙන් ව්‍යාජ ඔප්පුවක් සකස්කර ගෙන ඇති බව‍යි.

එම අදාළ ග්‍රාම නිලධාරීවරයා පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර ඇත්තේ ලිපිය නිකුත් කළ කාන්තාව තමා නොදන්නා බවයි.

රාජ්‍ය සේවකයින්ට රජයෙන් ලබා දෙන්න යන දෙයක් ගැන තීරණයක්.. ඒ ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න.

රාජ්‍ය සේවකයින්ට රජයෙන් ලබා දෙන්න යන දෙයක් ගැන තීරණයක්.. ඒ ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න.


එමෙන්ම, කුඩා දරුවන් දෙදෙනෙකු කැටුව පැමිණ ඉල්ලා සිටිමෙන් පසු ලිපිය නිකුත් කළ බව ඔහු පොලීසිය හමුවේ වැඩිදුරටත් සඳහන් කර ඇති බව සඳහන් විය.