ෆේස්බුක් වලින් හාද වූ බාලවයස්කාර පෙම්වතියව කෙළෙසූ පෙම්වතා අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 26, 2023 06:58 AM GMT
krishani

krishani

Report

වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකරුවෙක් ලබන (02) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබෙනවා.

ඒ පසුගිය (24) වැනිදා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය ලබා දී ඇත්තේ. 

දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙක් වේ.

සැකකරු බාලවයස්කාර 15 හැවිරිදි දැරිය මුහුණු පොත ඔස්සේ හඳුනාගෙන තිබෙනවා.

පසුව දැරියගේ ඉල්ලීම මත තරුණයා මාතර සිට දිවුලපිටියට ඇයව මුණගැසීමට පැමිණ ඇත.

එලෙස පැමිණි තරුණයා දැරිය හමු වී ඇය පදිංචිව සිටි කිරි අම්මාගේ නිවසට ගොස් දින කිහිපයක්ම එම නිවසේ රැඳී සිට ඇත.

ඒ අනුව තම දියණිය නාඳුනන තරුණයකු සමඟ ඇයගේ කිරි අම්මාගේ නිවසේ රැඳීසිටින බවට දැරියගේ මවට ලද තොරතුරක් මත, මව විසින් දිවුලපිටිය පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

එම පැමිණිල්ල අනුව අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබිණ.

ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන දැරිය මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කෙරිණ.

කෙසේවෙතත්, දැරියගේ පියා ඔවුන්ව අතහැර ගොස් ඇති බවත්, මව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටින බැවින් දැරිය දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කිරි අම්මා භාරයේ හැදී වැඩී ඇති බවත් පොලීස් විමර්ශන වලින් අණාවරණය විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join