සංගීත භූමියක බවුන් වඩමින් සිටි හිමිණමක් අත්අඩංගුවට.. පොලිසිය ඇතුලෙ සිදු වූ දේ..
අධික ලෙස මත්පැන් පානය කර කලහාකාරි ලෙස හැසිරුණු චීවරධාරියෙකු ඌරාපොල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් අතරතුර අත්අඩංගුට ගෙන තිබෙනවා.
මෙම චීවරධාරියාට භික්ෂු හැඳුනුම්පතක් ද නොමැති බවයි අත්තනගල්ල පොලිසිය සදහන් කරන්නේ.
අධික ලෙස බීමතින් සංගීත භූමියේ කලහකාරී ලෙස හැසිරුණු චීවරධාරියා එහි සෙසු පුද්ගලයන් සමග ආරවුලක් ද ඇතිකරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ පොලිසිය මැදිහත්වී චීවරධාරියා පොලිසියට රැගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේදී ද චීවරධාරියා විසින් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ද පහර දී තිබෙන බව වාර්තා වනවා.
පොලිසිය තුළදී ද කලහකාරී ලෙස හැසිරුණු මොහු පොලිස් ස්ථානයේ වීදුරුවකට ද පහර දී ඒ ද බිඳ දමා ඇති අතර ඔහුගේ දෑත් එම වීදුරු කැපී තුවාල වීමෙන් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත් මෙම චීවරධාරියා පොලිසියට සඳහන් කර ඇත්තේ, තමන් සංගීත භූමියේ බවුන් වඩමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද බවයි.