මෝදර දේවාලයේ සභාපතිවරයාගේ ඝාතනයට දෙදෙනෙක් අත්අඩංගුවට

Report

අම්බලන්ගොඩ මෝදර දේවාලයේ කමිටු සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ගාල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

"බැංකු පොහොසත් කරන්න නෙමෙයි අපි බස් දුවන්නේ.." - ප්‍රවාහන වෘත්තීය සමිති ගේම ඉල්ලයි

"බැංකු පොහොසත් කරන්න නෙමෙයි අපි බස් දුවන්නේ.." - ප්‍රවාහන වෘත්තීය සමිති ගේම ඉල්ලයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, ඝාතනයට සම්බන්ධ සැකකරු සහ ඔහුට සැඟවීමට සහය දුන් පුද්ගලයෙක් ඇත. අදාළ සැකකරු වයස 30ක් වන අතර මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහුට සැඟවීමට සහය දුන් පුද්ගලයා වයස 44ක් වන අතර සෙල්ලකතරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවති.

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්