රු. ලක්ෂ 60ක මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Report

හෙරොයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයෙකු පානදුර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හෙරොයින් මත්කුඩු තොගය රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමක් යුත්තය .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලීසිය සදහන් කර තිබේ.

තවද මෙම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාට ලද තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

එහිදී ජාවාරම් සඳහා යොදාගත් ජංගම දුරකතන 5ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ වගේම පානදුර දකුණ මූලස්ථාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.  

රැවටෙන්න එපා.. - මහේලගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

රැවටෙන්න එපා.. - මහේලගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්