අනවසර විදුලි රැහැනක ගැටුණු තරුණයෙකු ජීවිතක්ෂයට
අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී ඊයේ (19) අලුයම පුද්ගලයෙකු මරණයට පත්ව ඇත .
ඒ දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප්‍රදේශයේදී ය.
වනසතුන් දඩයම් කිරීම සඳහා අනවසරෙන් අදින ලද විදුලි රැහැනක මෙම පුද්ගලයා ගැටී තිබේ .
තවද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක් වූ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසිය තව දුරටත් විමර්ශන කරටයුතු සිදු කරනු ලබයි.