රැවටෙන්න එපා.. - මහේලගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය භාවිතයෙන් තම රූපය සහ හඬ අනිසි ලෙස යොදාගෙන නිර්මාණය කර ඇති වංචනික මූල්‍ය ආයෝජන දැන්වීම් පිළිබඳව ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝ සම්පූර්ණයෙන්ම ව්‍යාජ බවත්, තමන් කිසිදු මූල්‍ය ආයෝජන ව්‍යාපෘතියක් ප්‍රවර්ධනය නොකරන බවත් ඔහු අවධාරණය කරයි.
"කරුණාකර මේවා විශ්වාස කරන්න එපා. මගේ කිසිදු සම්බන්ධයක් මූල්‍ය ප්‍රවර්ධන හෝ ආයෝජන සමග නැහැ. මේ වීඩියෝ AI තාක්ෂණයෙන් හදපු ව්‍යාජ ඒවා"
යනුවෙන් මහේල ජයවර්ධන ප්‍රකාශ කර තිබේ.
වංචනිකයන් විසින් මහේලගේ රූපය සහ හඬ ඉතා තාත්වික ලෙස අනුකරණය කිරීමට AI තාක්ෂණය යොදාගෙන ඇති නිසා, සාමාන්‍ය ජනතාවට මෙම වීඩියෝ සැබෑ ඒවා ලෙස පෙනී යා හැකි බවත් පැවසේ.
සයිබර් ආරක්ෂණ විශේෂඥයන් පෙන්වා දෙන පරිදි, මෙවැනි වංචනික දැන්වීම් හඳුනාගැනීම සඳහා පහත සඳහන් ලක්ෂණ උපකාරී වේ:
- වීඩියෝවේ මුහුණේ ඉරියව් අස්වාභාවික වීම හෝ තොල් සෙලවීම සහ හඬ අතර නොගැලපීම් තිබීම.
- ඉතා කෙටි කාලයකින් විශාල මුදලක් උපයාගත හැකි බවට පොරොන්දු දීම. - "දැන්ම ආයෝජනය කරන්න" වැනි පණිවිඩ ඔස්සේ පුද්ගලයන් කලබලයට පත් කිරීම.
- නිල වෙබ් අඩවි වෙනුවට WhatsApp හෝ වෙනත් පෞද්ගලික පණිවිඩ සේවා ඔස්සේ සම්බන්ධ වීමට ඉල්ලීම.
- බැංකු ගිණුම් තොරතුරු හෝ OTP අංක වැනි රහසිගත දත්ත ඉල්ලා සිටීම.
මෙවැනි සැකකටයුතු දැන්වීමක් හමු වුවහොත්, අදාළ පුද්ගලයාගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීමත්, කිසිදු පෞද්ගලික තොරතුරක් ලබා නොදීමත්, බලධාරීන්ට දැනුම් දීමත් ජනතාවගෙන් ඉල්ලා සිටී.