කළු ඇඳගෙන ආයුධ සන්නද්ධව පැමිණි හමුදාව පැන්නූ පොලිස් නිලධාරියා ගැන ලෝකයම කතා කරයි..ඔහු වෙනුවෙන් තරුණයෙක් කරන්න යන දේ මෙන්න.(PHOTOS).

Police Sri Lanka Parliament picketing Italian Sri Lanka boy
By Aruna Apr 07, 2022 05:57 AM GMT
Aruna

Aruna

Report

ඔබට මතක ඇති අරගලය අතරතුර පාර්ලිමේන්තුව වටලපු දවසේ වෙච්ච ආන්දෝලනාත්මක සිද්ධිය.

එදා අංක තහඩු රහිත බයික්වලින් ආපු කලු ඇඳගත්ත පිරිසක් විරෝධතාවය උණුසුම් කළා.

එතන හිටපු සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වෙත්තසිංහ මහතා ඒ වෙලාවේ ඔවුන්ව නවත්තගෙන ඔවුන්ව එතනින් ඉවත් කරන්න කටයුතු කරනවා.

මේ සිද්ධිය මුල් කරගෙන මේ වෙනකොට රජයෙන් ඔහු ගැන පරීක්ෂණයක් කරන බවත් වාර්තා වෙලා තියෙනවා.

මේ කතාව ඒ ගැන නෙමෙයි...

හිතාගන්න පුළුවන්ද මේ තරම් මනුස්සකමක්, ආදරයක් දරාගත්ත විශාල හදවතක් තියෙන ලාංකිකයෙක් ගැන, එයා ඉන්නේ ඉතාලියේ.

බලන්නකො එයා මේ පොලිස් නිලධාරියා වෙනුවෙන් මොකද්ද කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා.

"පාර්ලිමේන්තුව ගාවට බයික්වලින් ආපු සෙට් එකෙන් අපේ කොල්ලො බේරගත්ත වෙත්තසිංහ මහතාගේ හෝ වෙනත් නිලධාරියෙකුගේ රැකියාව අහිමි කරොත් නැවත රැකියාවක් ලැබෙන තුරු මම ඒ වැටුප ගෙවනවා..."

ඔහු මේ පණිවිඩය ලියපු පෝස්ටරයක් ඔසවගෙන ගත්තු ඡායාරූපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යවල කුණාටුවක් නිර්මාණය කරලා තිබුණා.

ඒ හැම පෝස්ටුවකම ලාංකිකයින් තම තමන්ගේ ආදරය සහ ගෞරවය උපරිමෙන් ඔහු වෙනුවෙන් පුද කරලා තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery