Whatsapp වල හුවමාරු වන ISIS ලිපියක් ගැන පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්.

Police Sri Lanka Whatsapp Western province W. D thennakon
By Aruna Sep 26, 2021 08:31 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මගින් නිකුත් කර ඇති ලිපියක දක්වා ඇති වට්ස්ඇප් සමූහය ව්‍යාජ එකක් බවට අනාවරණය වේ.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මගින් නිකුත් කර ඇති ලිපියක දක්වා ඇති වට්ස්ඇප් සමූහය ව්‍යාජ එකක් බවට අනාවරණය කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ එක්ව සිදුකළ සොයා බැලීමකදී මෙම තොරතුරු හෙලි වූ බවයි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මගින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් ඉන්ටර්ස්කූල් නම් අදාළ වට්ස්ඇප් සමූහයෙන් ආරාධනයක් ලැබුනහොත් ඊට සම්බන්ධවීමෙන් වළකින ලෙසයි.

එම සමූහයට එක් වුවහොත් ඉන් ඉවත්වීමට නොහැකි බවද අදාළ ලිපියේ සඳහන්ව තිබුණා. කෙසේ වෙතත්, පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක් අතර හුවමාරු වූ මෙම ලිපිය අභ්‍යන්තර ලිපියක් වූවද, එය කිසියම් පාර්ශවයක් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ලිපිය සත්‍ය පිටපතක් වන අතර, එහි සඳහන් වට්ස්ඇප් සමූහය මේ වනවිට අක්‍රීය තත්ත්වයේ පවතින බවයි.

එලෙස හුවමාරු වන ලිපිය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha