පොලිසියට සහ STF එකට ප්‍රහාරයක්...

Police Jaffna STF Borelle
By Aruna Jul 06, 2021 07:57 AM GMT
Report

බොරැල්ල - සහස්පුර ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ පහරදීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ බොරැල්ල පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

අද උදෑසන හෙරොයින් ජාවාරමේ නිරත වන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මොහු ඇතුළු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සහස්පුර ප්‍රදේශයට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදීයි මෙම පහරදීම සිදුව ඇත්තේ.

එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුගේ ඥාතීන් ඇතුළු පිරිසක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණා.

කෙසේ වෙතත් පසුව අදාළ සැකකරු හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 250ක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.

මේ අතර, යාපනය - අරියාලේ ප්‍රදේශයේදී වැලි ජාවාරමේ නිරත පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ පහරදීමකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද අලුයම මෙම පහරදීම සිදුව ඇති අතර, පහරදීමට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now