ඔබේ වාහනයටත් මේදේ වෙන්න පුළුවන්..මේ ගැන දැඩි අවධානයකින් සිටින්න.

Police Vehicle Ajithi Rohana
By Aruna Jul 27, 2021 03:40 AM GMT
Report

වාහන කුලියට දෙන ආයතනවලින් වාහන ලබාගෙන ඒවා විකිණීමේ ජාවාරමක නිරත වූ 32 හැවිරිදි පුද්ගලයෙකුව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ප්‍රමුදිත අරලිය වික්‍රමසිංහ නම් මහනුවර කොටුගොඩැල්ල වීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

හෝමාගම ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ස්ථානයකින් රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා වාහනයක් එලෙස ලබාගෙන ඔහු අතුරුදන් වී ඇත.

ඔහු විසින් ලබාදී ඇති ලේඛන ද ව්‍යාජ ඒවා බවට අනාවරණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් කෙරුණු විමර්ශන අනුව සැකකරු අත්අඩංගුවට ගැණුනි.

සැකකරු සිදුකර ඇති වංචා සම්බන්ධයෙන් විවිධ පැමිණිලි 48ක් පමණ ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වාහන කුලියට ලබා ගැනීමේදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ හැකි බැවින් එම සේවා ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ ඡායාරූපයක් ළඟ තබාගැනීම වඩාත් සුදුසු බවය.

එවැනි පුද්ගලයින් අතුරුදන් වුවහොත් ඔවුන් පිළිබඳව තොරතුරු සොයා ගැනීමට එය වඩාත් ප්‍රයෝජනවත් බවද ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now