නිරෝධායන රීති කැඩූ මෙතෙක් අත්අඩංගුවට ගත් වැඩිම පිරිස.. 17,000 ඉක්මවයි.

Colombo Gampaha Police Ajithi Rohana
By Aruna May 30, 2021 04:02 AM GMT
Report

නිරෝධායන රීති උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 914ක් ඊයේ (29) දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

නිරෝධායන රීති ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා කාලය තුළ එක් දිනකදී අත්අඩංගුවට ගැනුණු වැඩිම පිරිස මෙය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ අනුව 2020 වසරේ ඔක්තෝම්බර් 30 වනදා ආරම්භ කිරීමෙන් පසු එදින සිට මේ දක්වා පුද්ගලයන් 17,300ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now