සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට..අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස බඳවා ගෙන ස්ථිර කිරීමට යෝජනාවක් - සජිත්
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව අඳාළ නිලධාරින් මෙරට ගුරු හිඟය පියවීමට වසර 5 -10 කාලයක් පුරා කටයුතු කළ බව විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයාගේ කැබිනට් අනුමැතිය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කලාප කාර්යාලවල ලිඛිත නිර්දේශ තුළ 22,000කට ආසන්න සංවර්ධන නිලධාරී ගුරුවරුන් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කළ බව ද විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
එමෙන්ම ඔහු තවදුරටත් සඳහන් කළේ විවිධ අවස්ථාවල මොවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගන්නවා යැයි කිව්වද මේ වනවිට ඉන් 5,000ක් පමණ ඉවත්ව ඇති බවයි.
එසේම මේ වනවිට 17,000ක් පමණ ගුරු හිඟය මගහරවා ගැනීමට ඔවුන් විශිෂ්ට සේවාවක් ඉටු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
තවද වත්මන් රජය විපක්ෂයේ සිටින විට මේ සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගන්නවා යනුවෙන් පොරොන්දු වී ඇති බව සඳහන්.
සමථකරණ යෝජනාවක් අනුව මොවුන් අභ්‍යාසලාභී ගුරුවරුන් වශයෙන් 2.2 ශ්‍රේණියට බඳවා ගෙන පශ්චාත් උපාධිය සමත් වීම ඔස්සේ ගුරුවරුන් වශයෙන් ස්ථිර වීමට හැකියාව පවතින බව සඳහන්.
එහෙත් එවැනි තීන්දුවක් තිබියදී පවා සංවර්ධන නිලධාරින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගැනීමට නොහැකි බවට රජයේ ඇමතිවරුන් ප්‍රකාශ කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
කෙසේ වුවද මැතිවරණ සමයේ ආණ්ඩුවේ නියෝජිතයින් මෙවැනි කතා නොකියා දැන් ගුරු සංවර්ධන නිලධාරීන් රවටා ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියි.