තරුණයන්ගේ සිහින බොඳ කරමින් පියුමි හංසමාලි නැවතත් මනාලියක් වෙයි (PHOTOS)

By Sithumi Nov 27, 2021 07:29 PM GMT
Sithumi

Sithumi

Report
208 Shares

පියුමි හංසමාලි කියන නම ඇසුණු සැනින් කාටත් මතක් වෙන්නේ සමාජ මාධ්ය ජාලා පුරා කතා බහට ලක්වන මාතෘකාවන්. ඇතැම් විට ඇයගේ හැසිරීම නිසා, ඇතැම් විට ඇයගේ රූප ස්වභාවය නිසා බොහෝ විට ඇය පිළිබඳව බොහෝ දෙනා පුරෝකතන දීමට ඉදිරිපත් වෙනවා.

නමුත් ඒ සියලු තොරතුරු සැබැවින්ම කියාපාන්නේ ඇත්තම පියුමිහන්සමාලි ගැනද? ඇයගේ ළඟින්ම ආශ්රය කරන පුද්ගලයින් ඇරෙන්නට බොහෝ දෙනා ඇයව කටකතාවක් සේ විශ්වාස කරන්නට පුළුවන්.නමුත් ඇත්තම පියුමි හන්සමාලි කියන චරිතය ඇතුළේ කාටවත් නොකියවූ කවුරුත් නොඇසූ කතාවක් තියෙන බව ඇය කියනවා.

ඇය කොයිම විටකවත් ඇයගේ දුක් ගැනවිල්ල මාධ්ය ඔස්සේ කියවගෙන යන්නේ නැහැ.නමුත් ඇතැම් අවස්ථාවන්වලදී ඇය ඇගේ සැබෑ චරිත ස්වරූපය මාධ්ය ඔස්සේ ඉදිරිපත් කරනවා.එසේ ඉදිරිපත් වුණු වැඩසටහනක් තමයි දෙරණ නාලිකාවේ විකාශනය වූ :ටෝක් විත් චතුර’ වැඩසටහන.

එහිදී ඇගේ ජීවිතයේ යම් යම් දුක් සහිත පැතිකඩ පිළිබඳව ඇය යම් අනාවරණ කීපයක් ඉදිරිපත් කරනවා. කොහොම වුණත් ලෝකෙට පේන්න තියෙන චරිතයට වඩා ඇතුලෙන් සංවේදී චරිතයක් ඉන්න බව සැලකිල්ලෙන් දකිනකොට අපිට හඳුනාගන්නට පුළුවන්.

ඉතින් ඒ කරුණු කාරණා කොයි හැටි වෙතත් අද නම් කතා කරන්න යන්නේ ඇගේ අලුත්ම හැසිරීමේ ක්රමයක් හෝ විලාසිතා ගැන ක්රමයක් හෝ එහෙමත් නැත්නම් කාටවත් බැනපු කාරණාවක් නෙවෙයි.

පසුගිය දවසක ඇය බොහොම අපූරුවට මනාලියක් වෙලා තිබුණා.ඉතින් එහි ඡායාරූප සමාජ මාධ්ය ඔස්සේ බොහෝවිට සංසරණය වෙන්නට පටන් ගත්තා. බොහෝ දෙනාගේ ආදරයක් ප්රශංසාත් වගේම සුබපැතුම් ද මේ ඡායාරූප වෙනුවෙන් දක්වලා තිබුණා

ඇය මෙසේ සැරසිලා තිබුණේ මංගල ඡායාරූපකරණයකට. බොහොම අපූරුවට බටහිර මනමාලියක් විදිහට ඇය එහිදී සරසලා තිබුණු අයුරු අපට දැක ගන්නට ලැබුණා. ඒත් එක්කම ඇගේ සුන්දරත්වය අපූරුවට කැමරා කාචයකට හසු කර ගන්නටත් සමත් වෙලා තිබුණා.

මේ ආකාරයට අපූරුවට ඡායාරූප ලබාගෙන තිබුනේ ක්ෂේත්රයෙ වසර ගණනාවක ඡායාරූපකරණය පිළිබඳව අත්දැකීම් සහිත ඩාක් රූම් ආයතනය විසින්. ඉතින් ඔවුන්ගේ තිබෙන දක්ෂතාවයන් හේතු කර ගෙන පියුමිගේ රූප ස්වභාය වඩාත් ඉස්මතු කෙරෙන ආකාරයට ඔවුන් ඡායාරූප ගණනාවක්ම ලබාගෙන තිබුණා. 

මේ ඡායාරූප නිසාවෙන් පියුමිගේ වෙන දා නොදකින අපූරු සුන්දරත්වයකුත් අපට දැක ගන්නට හැකියාවක් ලැබුණා. ඒත් එක්කම පියුමිගේ විසි නම වන උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණු කාරණාවක් අපිට මතකයි. ඒ හා සමගාමීව ගොඩක් අය එකතු වෙලා ඇගේ විසි නම වන උපන්දිනය සමරන්නටත් යෙදිල තිබුණු කාරණාවක් අපට දැකගන්නට ලැබුණා.

ඉතින් කොහොම වුණත් ඇගේ විසි නම වැනි උපන් දිනයට බොහොම ආදරයෙන් සුබපැතුම් එකතු කරන ගමන්ම නිවේදිකාවක් රංගන ශිල්පිනියක් නිරූපණ ශිල්පිනියක් ලෙස ඈ ආ ගමන් මඟ තවදුරටත් ඉදිරියට සාර්ථක කරගන්නට වාසනාව ලැබෙන්නට කියලා අවසාන වශයෙන් ප්රාර්ථනා කරනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery