පියුමිගේ තවත් ගේමක් මාට්ටු වෙලා?..හෙට සිට ඇගට දැනෙන්න කරන දෙයක් ගැන ප්‍රබලයෙක් කියයි..

CID - Sri Lanka Police Sri Lanka Police Tiran Alles Piumi Hansamali Beauty
By Aruna Jul 03, 2024 05:00 AM GMT
Aruna

Aruna

Report

පියුමි හංසමාලි එක්තරා පාතාල නායකයකුගේ මුදල් පරිහරණය කරන බවට ලද තොරතුරක් මත ඇය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙරට ප්‍රධාන පුවත් පතකට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, ඇයගේ වත්කම් පිළිබඳව විමර්ශනය කරන බව පැවසූ අමාත්‍යවරයා තම නිර්දෝෂී බව ඇයට ඔප්පු කිරීමට අවස්ථාව ඇති බව ද කියා සිටියා.

කුමන තර්ජන පැමිණියද මත් ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනය කරන බවත් යුක්තිය මෙහෙයුම ජූලි 04 වැනිදා සිට ජනතාවගේ ඇගට දැනෙන අයුරින් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

ජාපානයෙන් ලංකාවට සතුටුදායක ආරංචියක්..

ජාපානයෙන් ලංකාවට සතුටුදායක ආරංචියක්..


මේ අතර, නීති විරෝධී සහ සැක කටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේයැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සොයා ගැනීමට රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වමින් පවතිනවා.

එම ආලේපන නිෂ්පාදනය කරන ස්ථාන ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට ද රහස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

මීට අමතරව පියුමි හංසමාලි පවත්වාගෙන යන මෙම ව්‍යාපාරය විසින් සිදු කරගෙන යනු ලබන ව්‍යාපාර කටයුතු ආදායම් බදු ගෙවීම් සහ ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් ද එම කොට්ඨාසය පරීක්ෂණ පවත්වාගෙන යන බවයි පැවසෙන්නේ.

අද සිට මෙරට පෙට්‍රල් ලීටරයක් රුපියල් 793 කට අලෙවි කරයි..ලංකාව ලෝකයේ 8 වන රට බවට පත්වෙයි..

අද සිට මෙරට පෙට්‍රල් ලීටරයක් රුපියල් 793 කට අලෙවි කරයි..ලංකාව ලෝකයේ 8 වන රට බවට පත්වෙයි..


රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන මෙම ව්‍යාපාරය සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති අතර ඒ හා සම්බන්ධ තොරතුරු ද එම කාර්යාලය මගින් ගෙන්වාගෙන තිබෙන බවයි.

ගෙන්වා ගත් එම තොරතුරු සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.