ප‍්‍රබලම ඇමතියෙක් පියුමිගේ දුරකතනයෙන් පොලිස් නිලධාරියා අමතයි(VIDEO) .. වහාම බසය හරවන්නැයි දන්වයි..
Police
Chandimal
Colombo
Piyumi Hansamali
By Aruna
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පැවැත්වූ පියුමි හංසමාලි ඇතුළු පිරිසක් නිරෝධායනය සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශට ගෙන යද්දී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රබලම අමාත්‍යවරයෙකු පියුමි හන්සමාලිගෙ දුරකතනයට ඇමතුමක් ලබා ගත් බව හිරු රූපවාහිනිය වාර්තා කරයි.
පියුමි හංසමාලිගේ දුරකතනය හරහා එම අමාත්‍යවරයා බස් රථයේ සිටි පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ වහාම බස් රථය හරවා ආපසු එන ලෙසයි.
නමුත් පොලිස් නිලධාරියා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් දැනුම් දී ඇත්තේ මෙම නියෝගය රටේ ඉහලම තැනකින් ලැබී ඇති නිසා ආපසු හැරවීම කෙසේවත් සිදුකළ නොහැකි බවයි.
ඒ අනුව මේ වන විට එම පිරිස අදාල නිරෝදායන මධ්‍යස්ථානයේ නිරෝධයනය වෙමින් සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |