ප්‍රදර්ශන පුවරුව යට භයානක ආයුධයක් - පාතාලේ වැඩක්ද සැකයක්
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වාර්තා කර ඇත්තේ පිළියන්දල කරදියාන වීරසිංහ මාවතේ අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරියේ ප්‍රදර්ශන පුවරුව සිටුවා ඇති කණුව අසල තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ මැගසිනයක් සොයා ගත් බවයි.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරියේ රෝහාන් ඕලුගල මහතාට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී විදේශීය රටක නිෂ්පාදිත මිලි මීටර් නමය පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ මැගසීනයක් සොයාගත් බව වාර්තා වේ.
පොලිසිය වැඩිදුරටත් සදහන් කරන්නේ කිසියම් සංවිධානාත්මක අපරාධ කල්ලියකට මෙම ගිනි අවිය අයත් බවට සැක කරන බවත් අදාළ සිදුවීම පිළිබදව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත්ය.