ප්‍රදර්ශන පුවරුව යට භයානක ආයුධයක් - පාතාලේ වැඩක්ද සැකයක්

Report

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වාර්තා කර ඇත්තේ පිළියන්දල කරදියාන වීරසිංහ මාවතේ අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරියේ ප්‍රදර්ශන පුවරුව සිටුවා ඇති කණුව අසල තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ මැගසිනයක් සොයා ගත් බවයි.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරියේ රෝහාන් ඕලුගල මහතාට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස්‌ කණ්ඩායමක් පැමිණ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී විදේශීය රටක නිෂ්පාදිත මිලි මීටර් නමය පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ මැගසීනයක් සොයාගත් බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව තුළ දරුණු ප්‍රහාරයක්? ඉලක්ක ගත ප්‍රහාරයක් ගැන සැකයක්

ශ්‍රී ලංකාව තුළ දරුණු ප්‍රහාරයක්? ඉලක්ක ගත ප්‍රහාරයක් ගැන සැකයක්

පොලිසිය වැඩිදුරටත් සදහන් කරන්නේ කිසියම් සංවිධානාත්මක අපරාධ කල්ලියකට මෙම ගිනි අවිය අයත් බවට සැක කරන බවත් අදාළ සිදුවීම පිළිබදව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත්ය.

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්