බන්ධනාගාර රෝහලේ සිටි රන්ජන් ළඟ තිබී හමු වූ දේ..?

PRISON PHONE RANJAN RAMANAYAKE WALIKADA
By Sewvandhi Nov 22, 2021 10:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාදීම සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට ඔහු වෛද්‍ය උපදෙස් මත දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරිම සදහා 2021.11.10 වන දින කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකෙරුණි.

ඊයේ (21) රාත්‍රී 10ට පමණ බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නිරත නිලධාරීන් විසින් හදිසි සෝදිසි කිරීමක් කළ අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සහ හෑන්ඩ් ෆ්‍රී එකක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

 මේ සම්බන්ධයෙන් සැකකාර හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනුකර බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW