ඩෙල්ටා ප්‍රභේදය ගැන PHI සංගමයෙන් චෝදනාවක් (VIDEO)

covid19 isolated Upul Rohana quarantine delta variety
By Sewvandhi Jul 01, 2021 09:13 AM GMT
Report

ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ පූර්ණ අවබෝධයකින් තොරව මේ වන විට කොවිඩ් මර්දන කටයුතු සිදුවන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරති.

එම සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා පවසා සිටියේ, ඒ තුළින් රට ඉතා අවදානම් තැනකට රට තල්ලු විය හැකි බවය. මෙරට දෛනික ආසාදිතයින් තවමත් 2,000 ඉක්මවා වාර්තා වන පසුබිමක ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් ම ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වී ඇතැයි ද ඒ මහතා පැවසීය.

“ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ සියලුම ප්‍රදේශවල නිසි පර්යේෂණ සිදුකරලා නිවැරදි ප්‍රතිඵල අපට ලබාදෙන්න ඕනේ. මේ පිළිබඳ පූර්ණ අවබෝධයකින් යුතුව නෙමෙයි මේ වෙද්දි කොවිඩ් -19 පාලන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.“ 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now