ඩෙල්ටා ප්‍රභේදය ගැන PHI සංගමයෙන් චෝදනාවක් (VIDEO)

covid19 isolated Upul Rohana quarantine delta variety
By Sewvandhi Jul 01, 2021 09:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ පූර්ණ අවබෝධයකින් තොරව මේ වන විට කොවිඩ් මර්දන කටයුතු සිදුවන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරති.

එම සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා පවසා සිටියේ, ඒ තුළින් රට ඉතා අවදානම් තැනකට රට තල්ලු විය හැකි බවය. මෙරට දෛනික ආසාදිතයින් තවමත් 2,000 ඉක්මවා වාර්තා වන පසුබිමක ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් ම ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වී ඇතැයි ද ඒ මහතා පැවසීය.

“ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ සියලුම ප්‍රදේශවල නිසි පර්යේෂණ සිදුකරලා නිවැරදි ප්‍රතිඵල අපට ලබාදෙන්න ඕනේ. මේ පිළිබඳ පූර්ණ අවබෝධයකින් යුතුව නෙමෙයි මේ වෙද්දි කොවිඩ් -19 පාලන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.“ 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now