විදුහල්පති නව පත්වීම් පිරිනැමීමට එරෙහි පෙත්සම ඉවතට.

Sri Lanka Education Court of Appeal of Sri Lanka
By Hashini Nov 04, 2023 03:05 AM GMT
Hashini

Hashini

Report

 විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා වූ නව පත්වීම් පිරිනැමීමට එරෙහිව ගොනු කර තිබු රිට් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඊයේ (03) තීන්දු කර තිබෙනවා.

පෙත්සම ඊයේ අභියාචනාධිකරණ විනිසුරුවන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ හමුවේ කැඳවා තිබුණා.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් වග උත්තරකරුවන් මතු කළ මුලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

විදුහල්පතිවරුන් දෙදෙනෙක් විසින් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3වන ශ්‍රේණිය සඳහා පත්වීමට තමන්ටද සුදුසුකම් ඇති බව සඳහන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

ReeCha