අත්අඩංගුවට ගන්න CID එකෙන් ගෙට පැන්නත් හිටපු ඇමති විමල් අතුරුදහන්
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
ඒ් කොළඹ මහේස්ත්රාත් අධිකරණය මඟින් පෙරේදා (03දා) නිකුත් කරන ලද වරෙන්තු නියෝගයකට අනුවයි.
මෙසේ අධිකරණයෙන් වරෙන්තු නිකුත් වී තිබුණේ වීරවංශ මහතා ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කළ සමයේ රාජ්ය වාහන අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පවතින නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්.
මේ අතර CID නිලධාරීන් අලුයම කාලයේ හෝකන්දර පිහිටි ඒ මහතාගේ නිවස මෙන්ම බත්තරමුල්ලේ පිහිටි කාර්යාලය ද පරීක්ෂා කර තිබෙන බව සඳහන්.
එහෙත් එම අවස්ථාවේදී විමල් වීරවංශ මහතා එම ස්ථාන දෙකේම සිට නොමැති බව පවසයි.
ඒ අනුව නිලධාරීන් විසින් අදාළ ස්ථානවල සිටි පවුලේ සහ කාර්යාලයේ සාමාජිකයන්ගෙන් මේ සම්බන්ධයෙන් ප්රශ්න කර ඇති බව ද වාර්තා වේ.