උපාධි ලෝගුවෙන් සැරසෙන්නට පෙර ඇයත්.. මහවැලිය උඩ ජීවිතයත් මරණයත් අතර අභියෝගාත්මක සටනක් - මුහුණු පොතම කැළඹූ සරසවි සිසුවිය [PHOTOS]

Report

පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා ඉංජිනේරු පීඨය යා කෙරෙමින් මහවැලි ගංගාව ඔස්සේ ඉදිව ඇති ඉපැරණි අක්බාර් පාලමේ බඹර කූඩ ඉවත් කිරීමේ මෙහෙයුමක් මහනුවර බිඟු සම්පත සුරැකීමේ සංවිධානය මඟින් ඊයේ (17) සිදු කර තිබුණා.

එහිදී බඹර කූඩ 15 ක් පමණ ඉවත් කිරීමට කටයුතු කළා.

මෙසේ මෙම බඹර කූඩ ඉවත් කරන්නේ විශ්වවිද්‍යාල උපාධි ප්‍රධානෝත්සවය සඳහා පැමිණෙන අති විශාල ජනතාවක් මෙම පාලම මතින් නිරතුරුව ගමන් කිරීම හේතුවෙන්.

මේ කටයුත්ත සම්බන්ධයෙන් අදහස් දක්වමින් බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක හා ප්‍රධාන තාක්ෂණ නිලධාරී මහින්ද ජයසිංහ සහ බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ලේකම් හා විශ්වවිද්‍යාල මී මැසි පාලන උපදේශක තිස්ස බණ්ඩාර තඹවිට මහතා පැවසුවේ,

මගේ හුරතල් කෙල්ල සුනිතාගාවට ගියා නේද මාව දාලා.. ලතා ලතා සින්දුවට කවුද දැන් නටන්නේ මැණික - අමාලිත් මුළු රටම හඬවමින් නොඑන්නම ගිහින්

මගේ හුරතල් කෙල්ල සුනිතාගාවට ගියා නේද මාව දාලා.. ලතා ලතා සින්දුවට කවුද දැන් නටන්නේ මැණික - අමාලිත් මුළු රටම හඬවමින් නොඑන්නම ගිහින්

"2014 වසරට පෙර මෙම අක්බාර් පාලමේ බඹරුන් ඉවත් කිරීම සිදුවෙලා තිබෙන්නේ ඉතාමත් අවාසනාවන්ත ආකාරයටයි. මෙම බඹර කූඩවලට ගිනි තියලා බඹරුන් විනාශ කරලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒක කියන්න බැරි තරම් මහා විනාසයක්. ඉන් පස්සේ තමයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අප කෙරෙහි විශ්වාසය තියලා මේ වැඩේ අපට පැවරුවේ. ඉන් පස්සේ මේ දක්වා බඹරුන් ඉවත් කිරීම සිදුවුණේ සත්ත්වයන්ට කිසිම කරදරයක් නොවන ආකාරයට නව තාක්ෂණය උපයෝගී කරගෙනයි. එමගින් මෙම බඹරුන් තාවකාලිකව වෙනත් පරිසරයකට මුදාහැරීම තමයි සිදුවෙන්නේ. මේ බඹරුන්ට අපි හානියක් සිදු කරන්නේ නැත්නම් එයාලා අපිට හානියක් කරන්නෙත් නෑ. අපි අත්දැකීමෙන්ම දන්නවා. නමුත් මේ අය මාස කීපයකින් නැවතත් ඇවිත් මෙම ස්ථානයේම කූඩු බඳිනවා. ඒක ස්වාභාවික සංසිද්ධියක්. මෙමගින් කිසිදු ආකාරයකින් බඹරුන් මිය යාම සිදුවන්නේ නෑ. අපේ කණ්ඩායමේ සාමාජිකයෝ ආරක්ෂාකාරීව, තාක්ෂණානුකූලව වගේම සූක්ෂමව බඹරු කූඩ ඇති ස්ථාන කරා ළඟාවී දුමායනය කොට බඹරුන් ඉවත් කිරීම සිදුකරනවා. මේක බලා ඉන්න අයට විනෝදයක් වුවත් ඇත්ත වශයෙන්ම කියනවා නම් ජීවිතයත් මරණයත් අතර සටනක් වගේ තමයි."

බොලිවුඩයේ සුපිරි තරු අජේ සහ කාජල්ගේ දුවගේ අලුත් පෙනුම නිසා සමාජ මාධ්‍ය කැළඹෙයි - දුව වෙනුවෙන් කාජල්ගෙන් උත්තර

බොලිවුඩයේ සුපිරි තරු අජේ සහ කාජල්ගේ දුවගේ අලුත් පෙනුම නිසා සමාජ මාධ්‍ය කැළඹෙයි - දුව වෙනුවෙන් කාජල්ගෙන් උත්තර

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 87 වන උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් මෙසේ බඹර කූඩ ඉවත් කරන අතරතුර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ අවසන් වසරේ සිසුවියක වන අවිශ්කා ඉදුමිණී ඇතුළු සිසුවියන් කීපදෙනෙක්ද බිඟු සම්පත සුරැකීමේ සංවිධානය හා එක්ව මෙම ක්‍රියාන්විතය සඳහා නොබියව එක්ව සිටීමද මෙවර විශේෂත්වයක් විය.

එහිදී අවිශ්කා සිය අත්දැකීම විස්තර කළේ මෙලෙසින්,

" මහවැලි ගඟට ඉහළින් අඩි 150 ක් පමණ ඉහළ සිට කඹ හා ඉනිමගක ආධාරයෙන් එල්ලි බඹර ප්‍රහාරවලින් ආරක්ෂා වෙමින් සිදුකරන මෙම කාර්යය ඇතැම් විටෙක ජීවිතය හා මරණය අතර අභියෝගාත්මක සටනක් කියලත් කියන්න පුළුවන්. මෙම කාර්යය ඉටු කිරීම සඳහා අතිශයින් ඉහළ වෘත්තීය කුසලතාවයක්, ධෛර්යයක් හා කැපවීමක් අත්‍යවශ්‍ය වෙනවා. මම මේ වන විට බිඟු සම්පත සුරැකීමේ සංවිධානය සමඟ එක්ව කටයුතු කරනවා. මේක පුහුණුවකින් පසු තරුණියන්ට පවා සිදු කිරීමට හැකි කාර්යයක් වශයෙන් මම දකිනවා"    

රසිකයන් පිස්සු වැටුණු පියුමිගේ අලුත්ම විලාසිතාව සමාජ මාධ්‍ය කළඹයි

රසිකයන් පිස්සු වැටුණු පියුමිගේ අලුත්ම විලාසිතාව සමාජ මාධ්‍ය කළඹයි

GalleryGalleryGallery