මගේ හුරතල් කෙල්ල සුනිතාගාවට ගියා නේද මාව දාලා.. ලතා ලතා සින්දුවට කවුද දැන් නටන්නේ මැණික - අමාලිත් මුළු රටම හඬවමින් නොඑන්නම ගිහින් [VIDEO]
පහුගිය 03 දින රටම මළගෙයක් කළ අඟුරුවාතොට, බටගොඩ ගල්පාත මවුපිය සෙවණ සෙනෙහසේ කැදැල්ලේ ඇති වුණ ගින්න නම් මේ වෙන කොට නිවී ගිහින් අවසන්.
ඒත් ඒ ගින්නට හසුව අළු වුණ ජීවිත ගැන දිනෙන් දින ඇහෙන හද කම්පා කරවන පුවත් තාමත් අවසන් වී නැහැ. අදත් සමාජ මාධ්‍ය පුරාවටම සංසරණය වන්නේ එවැනි සංවේදී පුවතක්.
සෙනහසේ කැදැල්ල නිතරම සෙනෙහසින් පිරවූ අමාලිත් යන්න ගිහින්. කවදත් සෙනෙහසේ කැඳැල්ල සතුට ඉතිරීමට හේතුවක් වූ ඇගේ හිනාවත් අරන්ම ඇය ඇස් පියා ගෙන. සෙනහසේ නවාතැන ගිනි බත් වූ බව ඇසූ ගමන් බොහෝ දෙනා ඈ ගැන තොරතුරු සෙව්වෙත් ඇයට තිබුණු සෙනෙහස නිසාමයි. කොහොම හරි ඒ සෙනෙහස මැදම ඇයත් යන්න ගිහින්.
මට ආයේ ඒ අපායට යන්න බෑ.. CID ලොක්කට තමන් සමග පෞද්ගලික වෛරයක් ඇති බව කියමින් සලේ උපවාසය අත්හරින්න බෑ කියයි
ඒ මාපිය සෙවනේ තිබුණු තවත් එක ආදරණීයම බැඳීමක් වුණ සුනීතා සහ අමාලිගේ ලෙංගතුකමට මෙලොවදී තිත තියමින්. ඇගේ මේ මරණයත් සමඟ ඇයට ආදරේ කළ බොහෝ අය සමාජ මාධ්‍ය පුරාවටම ඇය ගැන විවිධ සටහන් පළ කරන්නේ ඒ පුවත හද කම්පාකරවන්නක් නිසයි.
ඒ අතර ලොකු අයියාත් සටහනක් තබා තිබුණේ මෙලෙසින්,
"මගේ හුරතල් කෙල්ල මහේ පන ඇයි ඔයා මාව දාලා ගියේ මේ තරන් දුකක් දිලා සුනිතාගාවට ගියා නෙද මගේ මැනික මාව දාලා 🥹 මම හිතුවේ නැ රත්තරනේ මාව දාලා යයි කියලා කොහොමද මම මේ දුක දරා ගන්නේ ලතා ලතා සින්දුවට කවුද දැන් නටන්නේ මැනික අනේ මගේ පන ඩිංග ඔයාට නිවන් සුව ලැබේවා"
බොලිවුඩයේ සුපිරි තරු අජේ සහ කාජල්ගේ දුවගේ අලුත් පෙනුම නිසා සමාජ මාධ්‍ය කැළඹෙයි - දුව වෙනුවෙන් කාජල්ගෙන් උත්තර
අලුත් තැනකට යන්න ආස කළ ඇය යළි කෙදිනකවත් නොඑන ගමනක් ගොස් සිටියේ මුළු රටම හඬවමින්.
කෙසේ වෙතත් ඇයට ආදරේ කරන හැමෝගෙම එකම පැතුම ඇයට යළි උපදින කිසිදු භවයකදී මෙවැනි අකල් මරණයක් අත් නොවේවායි යන්නයි.